අහිමිව ගිය
නිදහසක්
හිමි කර දුන්
අපේ අභිත
පුතුණුවන්
වෙනුවෙන්
අදටත් කදුළු
හෙළන
මව්වරුනි
පියවරුනි
බිරින්දැවරුනි
සහොදර සහොදරියනි
දුවා දරුවනි
අපේ උත්තමාචාරය
ඔබටයි....
තිබුණා මටත්
හිනයක්
වෙන්න මනමාලියක්
ඒත්
අද මං
......................
අතරමං විය
කදුළත් සිනාහවත්
අභියස මා...
එසේනම්,
තව කුමක් ඉතිරිවිද??
සුදු පිරුවටයක්
ගත දවටාන
ගියත් පන්සල්
පල්ලි
හැමදාම....
වෙන්න පුළුවන්ද
පින් කදක්
කරනවිට
පව් එකින් එක
හොරහින්
ලෝකයාට...
ඉල්ලුමට
අනුව සැපයුම
අනේ ඒ නුඹ
නොවෙද??
මගේ මුළු
ජිවිතයම වු
එපා හිතන්නට
අහිතක් මේ
මං ගැන
මේ මගේ
දියණියනම්
නොවේ
නැගණිගේ
දියණියයි මේ....
තවමටත්
මා අස්වාමිකයි
නුඹ වෙනුවෙන්
එදා වාගේම....
බඹරෙකුට
දැණුන
රොස මල්
පෙත්තක
සුසිනිදු බව
අපුරුද
කොයිතරම්
අනේ අම්මේ මං ආසා
වෙන්නයි හොද සිත්රුවෙක්
ඒ හින්දා මං යන්නම්
උසස් පෙළට කලා කරන්ටම....
ඔය ළමයට පිස්සුවත්ද??
කවදද හරි ගියේ
කලා කරපු මිනිස්සුන්ට
උඹ කරපන් විද්‍යා විෂයන්