Friday, February 8, 2013

මඟුල

මෙය මාගේ පෞද්ගලික මතයකි. අද සමාජය තුළ විවාහ මංගල උත්සවය මාර්කට් වි ඇති බැවින් එහි ඇති සම්ප්‍රදායික වැදගත්කම බැහැරව ඇතැයි මට හැගේ.. එකිනෙකා අභිබවා යමින් තවකෙකුට වඩා ඉහළින් මෙය සිදු කිරිමට යැමෙන් මෙලෙස සිදුවි ඇතැයි මා විශ්වාස කරමි. මෙසේ වියදම් කිරිමට හැකියාව ඇති අය එසේ සිදු කළත් එය ෆැෂන් එකක් කරගැනිමෙන් මධ්‍යම පාන්තිකයා හට එයින් සිදුවන්නේ විවාහයෙන් පසු දෙදෙනාම තම තමන්ගේ අනාගත සාර්ථක කරගන්නවා වෙනුවට විවාහය වෙනුවෙන් ගත් ණය ගෙවමින් පසු තැවිමයි.